Home Hit ජපානයේ ටෝකියෝ නුවර සුප්‍රසිද්ධ චිත්‍රාගාරයකට ප්‍රහාරයක් (Video)

ජපානයේ ටෝකියෝ නුවර සුප්‍රසිද්ධ චිත්‍රාගාරයකට ප්‍රහාරයක් (Video)

879

ජපානයේ කියෝතෝ හි සුප්‍රසිද්ධ සජීවිකරණ චිත්‍රාගාරයකට එල්ල වූ සැකකටයුතු ප්‍රහාරයකින් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව ප්‍රාදේශීය හදිසි නිලධාරීන් පවසයි.

කියෝතෝ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරි සතෝෂි ෆුජිවාරා පවසා සිටින්නේ 35 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් සමහරක් බරපතල ලෙස තුවාල ලබා ඇති බවයි

කියෝතෝ පොලිසිය පැවසුවේ බ්‍රහස්පතින්දා උදෑසන කියෝතෝ ඇනිමේෂන් සමාගමට අයත් තෙමහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇති බවයි.

කියෝතෝ ප්‍රාන්තයේ පොලිස් ප්‍රකාශකයෙකු ප්‍රවෘත්ති ඒඑෆ්පී වෙත පැවසුවේ මිනිසෙකු “දියරයක් විසි කර එයට ගිනි තැබූ” බවයි.

කියෝතෝ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරගෙන යන බව වාර්තා වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here