Home Local කතරගමට පොලිතින් තහනමක්

කතරගමට පොලිතින් තහනමක්

321

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ උත්සව සමයේ එම ප්‍රදේශය පොලිතින් වලින් තොර කලාපයක් බවට නම් කර තිබෙනවා.

ඒ අනුව එම වැඩසටහන ලබන 17 වනදා දක්වා ක්‍රියාත්මක වනු ඇති.

ඇසළ උත්සවයට පැමිණෙන සියලුම බැතිමතුන් පොලිතින් හා ප්ලාස්ටික් රැගෙන ඒමෙන් වළකින ලෙස මොණරාගල දිස්ත්‍රික් ලේකම්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

‘සුරිඳුනි කතරගම – සුරකිමු සමගිකම‘ යන තේමාව යටතේ මෙවර වාර්ෂික ඇසළ උත්සවය සංවිධාන කර තිබෙනවා.

පෙරහැර සමයේ දී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් විශාල ජනතාවක් කතරගම පූජා භූමියට පැමිණෙමින් සිටින අතර ජනාධිපති ලේකම් කාර්යාලය, කතරගම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මධ්‍යම පරිසර අධිකාරිය හා කතරගම ප්‍රාදේශීය සභාව එක්ව කතරගම පූජා භූමි ප්‍රදේශය තුළ පරිසර දූෂණය අවම කිරීමට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here