Home Hit මුහුණ වැසෙන අතිවිශේෂ ඇඳුම් ගැසට්ටුව සංශෝධනයට

මුහුණ වැසෙන අතිවිශේෂ ඇඳුම් ගැසට්ටුව සංශෝධනයට

402
0

මුහුණ සහ දෙකන් වසා ඇඳුම් ඇඳීම තහනම් කරමින් රජය නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය ඊයේ (25) තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම ගැසට් නිවේදනයේ දැක්වෙන පරිදි ‘දෙකන් ඇතුළුව මුහුණ වසාසිටීම තහනම්ය’ යන නීතිය ‘මුහුණ පමණක් වසා සිටීම තහනම්’ බවට සංශෝධනය කිරීමට නියමිතයි.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙනවා.

ප‍්‍රසිද්ධ ස්ථානයකදී යම් තැනැත්තකු හඳුනාගැනීමට බාධා විය හැකි පරිදි, සිය සම්පූර්ණ මුුහුණ සැඟවෙන පරිදි ඇඳුමක් හෝ ඇඟලූමක් හෝ වෙනත් ද්‍රව්‍යයක් නොපැළඳිය යුතු බවට වූ අතිවිශේෂ ගැසට් නිර්දේශය මේ අනුව සංශෝධනය වනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here