Home Hit හෙට කොළඹ අවට පැය 24ක ජල කප්පාදුවක්

හෙට කොළඹ අවට පැය 24ක ජල කප්පාදුවක්

495

හෙට (26) පෙරවරු 9.00 සිට පැය 24ක කාල සීමාවක් මහරගම සහ කොට්ටාව ඇතුළු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටවනු ලබන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කර සිටිනවා.

ඒ අනුව මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තෙගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශවලට පෙරවරු 09.00 සිට අනිද්දා පෙරවරු 09.00 දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇති.

කොළඹ දිස්ත්‍රික් නැගෙනහිර නගර ජල සම්පාදන ව්‍යාපෘතිය යටතේ ජලනල පද්ධතිය වැඩිදියුණු කිරීම හේතුවෙන් අදාල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇති බවයි ජලසම්පාදන මණ්ඩලය සඳහන් කර සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here