Home Hit සියලු අමාත්‍යංශ වල වියදම් 15%කින් කපාහරියි

සියලු අමාත්‍යංශ වල වියදම් 15%කින් කපාහරියි

473
0

සියලුම අමාත්‍යංශවල ප්‍රාග්ධන වියදම් 15%කින් කපා හරින ලෙස මුදල් අමාත්‍යංශය දැනුම් දී ඇතැයි වාර්තා වනවා.

ඒ බව දන්වමින් මුදල් අමාත්‍යංශය සියලුම අමාත්‍යංශ ලේකම්වරුන් වෙත චක්‍රලේඛයක් ද නිකුත් කර ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

සියලුම අමාත්‍යංශ ලේකම්වරුන් මීට සති 02කට පමණ ඉහතදී මුදල් අමාත්‍යංශයට කැඳවා මේ ගැන දැනුම් දී තිබෙනවා.

රජයේ අපේක්ෂිත ආදායම අඩුවීම, පාස්කු ඉරිදා එල්ලවූ ප්‍රහාරයත් සමඟ ආර්ථිකයට ඇතිව තිබෙන බලපෑම් ආදිය සැළකිල්ලට ගනිමින් මෙම ප්‍රාග්ධන වියදම් කප්පාදුව සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඉකුත් වසරවල අමාත්‍යංශවල හිඟ බිල්පත් රුපියල් කෝටි 10,000ක් පමණ ගෙවීමට ඉතිරිව ඇති බවද මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

අජන්ත කුමාර අගලකඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here