Home Local ”රාජ්‍ය සේවකයා පරිගණක ලෝකය සමඟ බද්ධ විය යුතුයි” – නැගෙනහිර ආණ්ඩුකාර

”රාජ්‍ය සේවකයා පරිගණක ලෝකය සමඟ බද්ධ විය යුතුයි” – නැගෙනහිර ආණ්ඩුකාර

478

”පලාත් සභා මැතිවරණය කවදා පැවැත්වෙනවාද කියන්න බැහැ. උඩ ඉන්න දෙයියෝ දන්නවාදැයි මම දන්නේ නැහැ. කෙසේ නමුත් පලාතේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න නම් පලාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි” යන්න නැගෙනහිර ආණ්ඩුකාර ෂාන් විජයලාල් ද සිල්වා පවසනවා.

ආණ්ඩුකාරවරයා මේ බව කියා සිටියේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් රාජ්‍ය ආයතන ප්‍රධානින්ගේ හමුවකට අද (18) එක්වෙමින්.

ත්‍රිකුණාමලය දිසාපති එන්.ඒ.ඒ.පුෂ්පකුමාරගේ මුලිකත්වයෙන් දිසාපති ශ්‍රවනාගාරයේදී මෙම රැස්විම පැවැත්වුණා.

මෙහිද තවදුරටත් අදහස් දැක්වු ආණ්ඩුකාරවරයා,

”රාජ්‍ය සේවය සුදු ජාතිකයන්ගේ ඉදලා පැවත එන දෙයක් බවත් එසේ ආරම්භ වු රාජ්‍ය සේවයේ ඉහල තනතුරු සුදු ජාතිකයන් තියාගෙන සැලසුම් ක්‍රියාවට නැංවීමේ තනතුරු ස්වදේශිකයන්ට ඒ කාලේ දුන්නා. අපි නිදහස ලබාගෙන අවුරුදු 71ක් වෙනවා. 100%ක් අපිට නිදහස ලැබිලත් අපිට අනන්‍ය වූ ජාතික ප්‍රතිපත්ති සකස් කර ගැනීමට බැරි වෙලා තියනවා.

ඉස්සර කියමනක් තියනවා හොදට ඉගෙන ගත්තොත් රාජ්‍ය සේවයට යන්න පුළුවන් කියලා. ඒ කියමන කාලයක් බොහෝ රටවල තිබුණා. ඒ රටවල පෞද්ගලික අංශයේ දියුණුවත් සමග දැන් මතයක් ගොඩනැගිලා තියනවා හොදට ඉගෙන ගත්තේ නැත්නම් රාජ්‍ය සේවයට යන්න පුලුවන් කියලා. පරිගණක ලෝකය සමග රාජ්‍ය සේවකයා බද්ධ විය යුතුයි. ඒ කාලේ අකුරු ලියන්න බැරි අයට සාක්ෂරතාවය අඩු එහෙම නැතිනම් සාක්ෂරතාවය නැති අය කියනවා. අනාගතයේ පරිගණක ලොව සමග බද්ධ නොවුණු අය සාක්ෂරතාවය අඩු අය විදිහට සලකන යුගයක් එනවා. තවත් කාලයක් යනකොට කඩදාසි යුගය අවසන් වෙනවා. මේ මගේ පලාත කියලා මම ඒ විදිහට වැඩ කිරිමේදි පෘථග්ජනයෙක් විදිහට මගෙන් වරදක් දෝෂයක් වෙන්න පුලුවන්. ඒවාමට පෙන්නලා දෙන්න මගේ උපරිම හැකියාවෙන් මෙය නිවැරදි කරගන්න කටයුතු කරනවා.” යනුවෙන් කියා සිටියා.

අමදෝරු අමරජිව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here