Home Hit ”ජනපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා කටකථා යනවා” – අමාත්‍ය පාඨලී චම්පික -PHOTOS

”ජනපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා කටකථා යනවා” – අමාත්‍ය පාඨලී චම්පික -PHOTOS

337
0

තමන් ජනපතිවරණයට ඉදිරිපත් වෙන බවට කටකථා පැතිර යන බවත් එය ඒ අවස්ථාවේදී බලමු යැයිද අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.

ඊයේ (16) අනුරාධපුරයේ පැවැති ආගමික වැඩසහන්වලින් පසුව ජනතාව අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා.

“කැබිනෙට්ටුව ලබන අඟහරුවාද රැස්වෙනවා. මේ රටේ වරිගසභාවලින්, ගජ මිතුරන්ගෙන් තමයි ජනාධිපති තෝරන්නේ, අන්න ඒ යුගය අපි මේ ජනාධිපතිවරණයේදී අවසන් කරනවා.

කුසලතා පූර්ණ පහේ ශිෂ්‍යත්වය සමත් වුණ, සාමාන්‍ය පෙළ -උසස් පෙළ සමත් වුණ, වෘත්තිය අධ්‍යාපනයක් තිබෙන අයට මේ රටේ දේශපාලනය භාර කරනවා. ඒ සඳහා මුල් පියවර අපි තබනවා. විවිධ කටකථා යනවා මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා, අපි ඒ ගැන ඒ වෙලාවට බලමු” යනුවෙන් කියා සිටියා.

එහිදී අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ඓතිහාසික අටමස්ථාන පුදබිම්හි පවතින අඩුපාඩු සොයා බැලීමෙන් අනතුරුව ප්‍රතිසංස්කරණ හා ඉදිකිරීම් ආරම්භ කිරීමේ ව්‍යාපෘති රැසක් ඊයේ දිනට යෙදුණු පොසොන් පොහොය නිමිති කොට ගෙන ආරම්භ කරනු ලැබුවා.

එමෙන්ම ඵෙතිහාසික ජය ශි‍්‍ර මහා බෝ සමිදුන් අභියස සිට 600 නමක් වු වන්දනීය පුජනීය මහා සංඝ රත්නය වඩමවමින් හිල් දානමය පිංකමක්ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

Image may contain: 29 people, crowd and outdoor
Image may contain: 8 people, people standing, crowd, child and outdoor
Image may contain: 5 people, people smiling, people standing, wedding and outdoor
Image may contain: 9 people, wedding and table
Image may contain: 8 people, people sitting
Image may contain: 6 people, people standing, wedding, child, tree and outdoor
Image may contain: 1 person, sitting, table and indoor
Image may contain: 8 people, people standing, child, outdoor and food
Image may contain: 6 people, people standing, night and outdoor

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here