Home Hit ගාල්ලේ දී අත්අඩංගුවට ගත් තව්හීද් සමාජිකයා ජීවිත පූජා කිරීමට දිවුරුම් දීලා

ගාල්ලේ දී අත්අඩංගුවට ගත් තව්හීද් සමාජිකයා ජීවිත පූජා කිරීමට දිවුරුම් දීලා

754

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ගාල්ල පොලිස් වසමේ තලාපිටියේදි අත්අඩංගුවට ගෙන දින 90ක රැඳවුම් නියෝග ලබාගෙන සිටින සැකකරු ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායකයා බව කියන සහරාන් සමග සෘජුව සම්බන්ධතා පවත්වා ඇති බවත් මුස්ලිම් දේශයක් සඳහා ජිවිත පූජා කිරිමට සහරාන් ඉදිරියේ දිවුරුදි ඇති අයෙකු බවත් පරික්ෂණවලදි අනාවරණය වු බව ගාල්ල පොලිසිය පවසනවා.

මෙම සැකකරු ගාල්ල තලාපිටියේ පදිංචි බියගම ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක ගණකාධිකාරිවරයෙකු ලෙස රැකියාව කර ඇති අතර එයට අමතරව ළමයින්ට ඉංග්‍රිසි පන්ති පැවැත්විමද සිදුකර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක උදය සෙනවිරත්න පැවසුවේ සැකකරුගේ බිරිඳගේ මල්වානේ නිවසේ පැවති සාදයකට සහරාන් සහ දෙහිවල බෝම්බය පුපුරුවාගත් ජමිල් ඇතුලු පිරිසක් සහභාගිවිමෙන් පසුව බියගම උත්සව ශාලාවකදි සම්මන්ත්‍රණයක්ද පවත්වා ඇති බවයි.

එහිදි එක් දිනක පුහුණවක් ලබා පසුව මාතලේ ස්ථානයකදි දින 02ක ආයුධ පුහුණුවක්ද ලබා ඇති අතර එයට 25 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි වි ඇති බවටත් සැකකරු මුස්ලිම් දේශයක් වෙනුවෙන් ජිවිතපූජා කිරිමට දිව්රුදි ඇති අයෙකු බවටත් මෙතෙක් කරන ලද පරික්ෂණවල දි අනාවරණය කරගත් බව පැවසු ඔහු වැඩිදුරටත් කියා සිටියේ සැකකරු සහරාන් ගාල්ල ප්‍රදේශයටද කැඳවා ගෙන පැමිණියේදැයි යන්න පිළිබඳව තව දුරටත් පරික්ෂණ සිදු කරමින් පවතින බවයි.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබි ජාතින් අතර අසමගිය ඇතිවන ආකාරයේ එම සංවිධානයේ දේශණ ඇතුලත් සංයුක්ත තැටි 1108ක් සොයාගෙන තිබෙනවා.

ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක උදය සෙනවිරත්න ඇතුලු නිලධාරි කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරු 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්විමේ තාවකාලික විධි විධාන පනත යටතේ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කොට රැඳවුම් නියෝග ලබාගෙන මෙසේ තව දුරටත් පරික්ෂණ පවත්වා ගෙන යනු ලබනවා.

ෆර්හාන් නිසාම්දින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here