Home Hit රනිල් ගේ පරම්පරාවට රාජකීය උරුමයක් පවතින කතාව සැබෑවක් ද?

රනිල් ගේ පරම්පරාවට රාජකීය උරුමයක් පවතින කතාව සැබෑවක් ද?

838

වර්තමාන ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බටහිර පන්නයට වැඩ කරන කලු සුද්දෙක් ලෙස බොහෝ පිරිස් හදුන්වන බව නො රහසකි. එසේ වුවද ඔහු ගේ පරම්පරාවේ ඉතිහාසය දෙස බැලීමේ දී ඔහු ගේ පවුලේ ආරම්භය ගාල්ල බද්දේගම දක්වා පැතිරෙයි. එකාතකින් රනිල් යනු දකුණේ මිනිසෙකි.

තවත් කාරණයක් නම් රනිල් ගේ පරම්පරාවට රාජකීය උරුමයක් පවතිනවා යැයි පැවසෙන කතාවය. මෙය සැබෑවක් ද? ඇමරිකානු ගැත්තෙකු ලෙස ලාංකීය දේශපාලනය තුළ හංවඩු ගැසෙන රනිල් වික්‍රමසිංහ මෙරට ඉතිහාසයේ ජීවත් වූ රාජකීය පවුල් සමග තිබූ නෑකම් මොනවාද?

ලංකාවේ පුවත්පත් ක්‍ෂේත‍්‍රයේ මහා චරිතය වූ ඞී.ආර්. විජයවර්ධන නාලිනීගේ පියාය. නෑකමේ හැටියට ඞී.ආර්. විජයවර්ධන රනිල් වික‍්‍රමසිංහගේ සීයාය. මේ නෑකමින් රනිල් මෙරට රාජකීය උරුමයටද නෑකම් කියන්නේය. රනිල්ගේ මව වන නාලනී විජයවර්ධනගේ පරම්පරාවේ අක්මුල් දෙවැනි රාජසිංහ රජ සමය දක්වා විහිදෙන බව ජාතික ‍ලේඛනාගාරයේ අධිපතියා විසින් ප‍්‍රකාශයට පත්කරන ලද ‍පොතක සඳහන් වේ. 

මේ ‍පොතේ හැටියට රාජසිංහ රජුගේ හමුදාවේ හුන් රණූශූරයකු වූයේ තෙන්නකෝන් මද්දුම රාළය. ඔහුගේ පුතා වූ තෙන්නකෝන් අප්පුහාමි සබරගමුවේ මහ දිසාව විය. කළුතර තුඩුගල පරම්පරාව පැවැත එන්නේ තෙන්නකෝන් අප්පුහාමිගෙනි. තුඩුගල පරම්පරාවේ මෑතකාලීන කැපී පෙනෙන චරිතය වූයේ දොන් පිලිප් තුඩුගලය. කොළඹ වරායේ දියකඩනය ඇතුළු යටත් විජිත සමයේ නගරයේ දියුණුව උදෙසා ඉදිවූ ගොඩනැගිලිවලට අවශ්‍ය අමුද‍්‍රව්‍ය සපයා, දොන් පිලිප් තුඩුගල මහා ධනවතකු විය. ඉංග‍්‍රීසිහු ඔහුට විජයවර්ධන යන නම්බුනාමය දුන්හ. නෑකමේ හැටියට දොන් පිලිප් විජයවර්ධන වූ කලී රනිල්ගේ මුත්තාය.

රනිල්ගේ මව වන නාලනී විජයවර්ධන වූ කලී දොන් පිලිප් විජයවර්ධනගේ හා කැලණි රජමහා විහාරයේ නූතන ප‍්‍රබෝධයේ මහෝපාසිකාව වූ හෙ‍ලේනා ඩෙප් වීරසිංහගේ කීර්තිමත් පුත‍්‍රරත්නයක් වූ ඞී.ආර්. විජයවර්ධනගේ දියණියකි. ඞී.ආර්. විවාහ වූයේ රුවන්වැල්‍ලේ මීදෙණිය වලව්වේ ඇලිස් ගර්ට්රූඞ් මීදෙණිය කුමාරිහාමි සමගය. රනිල්ගේ මිත්තණිය වූ මීදෙණිය කුමාරිහාමිගේ වැඩිමහලූ සොයුරිය ඇඞ්ලින් මොලමුරේ ලංකාවේ ව්‍යවස්ථාදායකයට (පාර්ලිමේන්තුවට) තේරුණු මුල්ම මන්ත‍්‍රීවරිය ලෙස වාර්තාවක් තැබුවාය. ඇඞ්ලින්ගේ සැමියා වන සර් ප‍්‍රැන්සිස් මොලමුරේ ලංකාවේ මුල්ම කථානායකවරයාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here