Home Local ”තාමත් මිනිස්සු මැරෙනවා බෝම්බේ නිසා. යුක්තිය කෝ ?” – කාදිනල් හිමියන් විමසයි...

”තාමත් මිනිස්සු මැරෙනවා බෝම්බේ නිසා. යුක්තිය කෝ ?” – කාදිනල් හිමියන් විමසයි (VIDEO)

749

පසුගිය පාස්කු ඉරු දිනයේ කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයේ දී තුවාල ලබා රෝහල්ගතව සිටි තවත් අයෙකු මියගිය බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් ඊයේ (12) සඳහන් කරනු ලැබුවා.

ඒ කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය පාස්කු දින බෝම්බ ප්‍රහාරයෙන් පසු නැවතත් පූජා කටයුතු සඳහා ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

සුරේෂ් ප්‍රනාන්දු නම් එම තරුණයා කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයේ දී තුවාල ලබා රෝහල්ගතව සිටි බවටයි කාදිනල් හිමිපාණන් එහිදී සඳහන් කර සිටියේ.

මේ බෝම්බ ප්‍රහාරය නිසා තාමත් මිනිස්සු මැරෙන බවත්, අනෙක් මිනිසුන් හැඬූ කඳුලින් ජීවත් වන බවත් කාදිනල් හිමියන් සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here