Home Local මොරගහකන්ද ජලාශය නැරඹීමට පැමිණෙන්නන් හට නව ෆැක්ස් අංකයක්

මොරගහකන්ද ජලාශය නැරඹීමට පැමිණෙන්නන් හට නව ෆැක්ස් අංකයක්

939

මොරගහකන්ද ජලාශය නැරඹිම සදහා පැමිණෙන්නන්ට කල් අපහසුතාවකින් තොරව ජලාශය නැරඹිමට අවශ්‍ය තොරතුරැ ලබාගැනීම සදහා නව ෆැක්ස් අංකයක් හදුන්වා දී තිබෙනවා.

ජලාශය නැරඹිම සදහා දිවයිනේ නංදෙසින් පැමිණෙන කණ්ඩායම් වලට අවශ්‍ය මග පෙන්වීම හා ජලාශය නැරඹිමේ දී පිළිපැදිය යුතු කාරණා සම්බන්ධයෙන් කල් වෙලා ඇතිව දැන ගැනීමෙන් නරඹන්නන්ට මෙමඟින් වඩාත් පහසුවක් ඇති වන බව මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිළධාරි පී.ජී. දයානන්ද කියා සිටියා.

ඒ අනුව 066 – 2053632 දුරකතන අංකයට ෆැක්ස් පණිවිඩක් එවීම තුළින් ජලාශය නැරඹිම සදහා පැමිනෙණ පිරිස් පිළිබද විස්තර නරඹන්නන්ට එවිය හැකි බවයි ඔහු සඳහන් කරන්නේ.

මීට අමතරව [email protected] ඊමේල් ලිපිනය මගින් ද තොරතුරැ ලබාදිය හැකි වන අතර ලබාදෙන තොරතුරැ වලට පසු විමසීම් සිදුවන බවත් බාධාවකින් තොරව මහජනයාට මොරගහකන්ද ජලාශය නැරඹිමට හා ජලාශය පිළිබද තොරතුරැ අධ්‍යනයට මෙමගින් අවස්ථාව හිමිවන බවයි මහජන සම්බන්ධතා නිලධාරීවරයා වැඩිදුරටත් කියා සිටියේ.

ඉන්දික අරැණ කුමාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here