Home Hit මීළඟ ජනපති සජිත්? විදේශ ඇමති නාමල්? මෝදිගේ ගමනින් හෙළි වූ රහස්

මීළඟ ජනපති සජිත්? විදේශ ඇමති නාමල්? මෝදිගේ ගමනින් හෙළි වූ රහස්

751

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද පෙරවරුවේ කෙටි සංචාරයක් සදහා දිවයිනට පැමිණි අතර සවස 4.15ට පමණ දිවයිනෙන් බැහැරව ඉන්දියාවේ තිරුපති දක්වා පිටත්ව ගියා.

සංචාරය අතරතුරේදී ඉන්දිය අග්‍රාමාත්‍යවරයාගේ පරිවාර අමාත්‍යවරයා වශයෙන් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාව නම් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබූ බව මාධ්‍ය වාර්තා කලා. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ තිබෙන පෞද්ගලික සහ දේශපාලනික පසමිතුරු බවේ ප්‍රතිපලයක් වශයෙන් එක්වරම සජිත් ප්‍රේමදාස මහතා ඉහළට එසවීමට ජනාධිපතිවරයා ක්‍රියාකරමින් සිටින බවයි දේශපාලන විචාරකයින්ගේ මතය වී ඇත්තේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආශිර්වාදය සහිතව මීළඟ ජනාධිපතිවරණය සදහා සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත්වන බව ඉන්දීය මාධ්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ලංකා සංචාරයට සමගාමීව වාර්තා කර තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති නිල නිවසේ පැළයක් රෝපණය කල අවස්ථාව

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර සිදුවූ හමුවේදී නාමල් රාජපක්ෂ මහතා කරළියට පැමිණ සිටීමද මීළඟට පැමිණෙන පොදුජන පෙරමුණු ආණ්ඩුවකදී විදේශ අමාත්‍යධූරය හිමිවනුයේ කාටද යන්න පිළිබඳව ප්‍රභල ඉඟියක් සපයනු ලබනවා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විපක්ෂ නායකවරයා හමුවූ අවස්ථාව

පසුගිය සමය පුරාම විදේශ කටයුතු හා සම්බන්ධ ක්‍රියාකාරකම් වලදී නාමල් රාජපක්ෂ මහතා ඉදිරියෙන් සිටිනු දක්නට ලැබුනු අතර සිය පියා හමුවන සෑම විදේශ රාජ්‍ය නායක හමුවකදීම නාමල් රාජපක්ෂ මහතාද සිටිනු දක්නට ලැබුනා.

අද දිවයිනට පැමිණ කෙටි සංචාරයකින් පසුව නික්ම ගිය ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය ශ්‍රී ලංකාවේ අනාගත දේශපාලනය පිළිබඳව සැපයූ ප්‍රභල ඉඟි දෙකක් ලෙස මෙම සිදුවීම් දෙක සැලකිය හැකියි.

ජායාරූප – ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here