Home Hit කුණාටුවකට නමක් දාන්න ඔබටත් අවස්ථාවක්

කුණාටුවකට නමක් දාන්න ඔබටත් අවස්ථාවක්

527

උතුරු ඉන්දීය සාගරයේ හට ගන්නා සුළි කුණාටුවලට නම් යෙදීම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් නම් යෝජනා කැඳවනු ලැබ තිබේ.

එයට අදාළ නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර තිබේ.

නම් යෙදීම සඳහා පහත කරුණු සැලකිල්ලට ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

1.යම් දේශපලාන, දේශපාලන චරිත, ආගමික විශ්වාස, සංස්කෘතික වැනි දෑ ඉලක්ක නොකළ යුතු අතර ඒවාට හානි කර නොවිය යුතුයි.

2.ස්ත්‍රී/පුරුෂ විශේෂත්වයක් නොමැත.

3. ලෝකයේ ඇති කුමන හෝ ජන කොටසකගේ මනෝභාවයන්ට හානි නොවිය යුතුයි.

4.රළු හෝ කෘර හෝ ස්වභාවයක් නොගත යුතුය.

5.උච්චාරණයේ දී පහසු විය යුතු අතර, එම නම් ඉංග්‍රීසි බසින් ලිවිමේ දී උපරිම අකුරු 8 කට සීමා විය යුතුයි.

යෝජිත නම් 2019 ජූනි මස 15 වන දිනට පෙර අධ්‍යක්ෂ ජනරාල් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, බෞද්ධාලෝක මාවත, කොළඹ 7 යන ලිපිනයට යොමු කල හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here