Home Local ”රටේ ඉහළම තනතුරුවල ඉන්න දූෂිතයින් හෙළිදරව් කිරීමට රතන හිමියන්ට සහාය දෙනවා” –...

”රටේ ඉහළම තනතුරුවල ඉන්න දූෂිතයින් හෙළිදරව් කිරීමට රතන හිමියන්ට සහාය දෙනවා” – රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක

413
0

ඇමැති රිෂාඩ් බදුර්දීන් සහ ආණ්‌ඩුකාරවරුන් වන අසාද් සාලි, ඒ. එල්. එම්. හිස්‌බුල්ලා යන පිරිසට එරෙහිව ඇති පැහැදිලි චෝදනා සම්බන්ධයෙන් ඔවුන් වහා තනතුරුවලින් ඉවත් කරන ලෙස ඉල්ලා අතුරලියේ රතන හිමියන් ආරම්භ කළ උපවාසයට තමන් පූර්ණ සහයෝගය දක්‌වන බව රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක ඊයේ (31) කියා සිටියා.

අතුරලියේ රතන හිමියන්ගේ මෙම පියවර පූර්ව ප්‍රචාරයක්‌ සහ යහපත් පූර්වාදර්ශයක්‌ කර ගනිමින් රට තුළ ඉහළම තනතුරුවල සිටින අනෙකුත් දූෂිත පුද්ගල චරිත රට ඉදිරියේ හෙළිදරව් කිරීමට තමන් උන්වහන්සේට ඉදිරියේදී ද සහාය දක්‌වන බවයි හෙතෙම සඳහන් කළේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පත්කර ගැනීමේ සටනේදී පුරෝගාමී මෙහෙවරක යෙදුණු අතුරලියේ රතන හිමියන්ට මෙවැනි පැහැදිලි චෝදනා ලැබූ ඕනෑම පුද්ගලයකුට එරෙහිව පෙනී සිටීමේ අයිතිය ඇති බව තමා තරයේ විශ්වාස කරන බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළා.

ත්‍රස්‌තවාදයට උඩගෙඩි දෙමින් ඉඩම්, දේපළ, මුදල් සහ ආරක්‍ෂාවද සැපයූ මෙරට ඉහළම නායකයන් පිළිබඳව තොරතුරු සාක්‍ෂි ඇතිව නම් ගම් සහිතව රටට හෙළිදරව් කිරීමටත් එම තොරතුරු රතන හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයට ලබාදීමටත් තමන් ඉදිරියේදී ක්‍රියාකරන බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

සුජීව තත්සර 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here