Home Hit ”ජනතාව බයෙන් – රජය කෙරෙහි කිසිදු විශ්වාසයක් නෑ” – නාමල් රාජපක්ෂ

”ජනතාව බයෙන් – රජය කෙරෙහි කිසිදු විශ්වාසයක් නෑ” – නාමල් රාජපක්ෂ

1149

මේ රටේ ජනතාව අද බියෙන් සැකයෙන් ජීවත් වන්නේ රජය කෙරෙහි කිසිදු විශ්වාසයක් නොමැතිකම නිසා යැයි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයේ පළාත් පාලන නියෝජිතයින් හා ගම් නායකයින් සදහා මාදම්පේ පැවති හමුවකින් අනතුරුව මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

”මේ රටේ ජනතාව ආරක්ෂා කර ගැනීමට වත්මන් රජය අහොසෙත් වී තිබෙනවා. මේ වන විට ජනතාව බියෙන්, සැකයෙන් ජීවත් වන්නේ ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් නොමැති නිසයි. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පරස්පර විරෝධී අදහස් ඉදිරිපත් කළා. එපමණක් නෙමෙයි, ඔවුන් සිදුකළේ දෙස් විදෙස් ජනතාවගේ විශ්වසය බිදෙන ප්‍රකාශයන්. ඊට හොදම උදාහරණය වන්නේ අගමැතිතුමාගෙන් සංචාරක ව්‍යාපාරය ගැන අහපුවහම කියන්නේ ඒ අයට ඕන නම් එයි, නැත්නම් නිකං ඉදියි කියලයි. එවැනි නායකයෙක් අපේ අගමැතිවරයා. මම අහන්නේ එවැනි නායකයෙකු සිටින රටකට සංචාරකයෝ එයිද කියන එකයි. අඩුම තරමින් මේ රටේ ජනතාව වත් තමන්ගේ ගෙදරින් එළියට බහියිද?

පාසල් යන දරුවාගේ වගකීම විදුහල්පතිවරයා සහ ගුරුවරුන් බාර ගතයුතුයි කියලා අධ්‍යාපන ඇමතිවරයා කියනවා. ඉතිං දරුවන්ව පාසල් එවයිද දෙමව්පියෝ.

අපේ රටේ පසුගියදා සිදුවූ සිද්ධිය වළක්වා ගන්න රජයට ඕන තරම් වෙලාව තිබුණා. ඒ සම්බන්ධ බුද්ධි වාර්තා ලැබිලා තිබුණා. නමුත් රජය ක්‍රියාත්මක වුනේ නැහැ. ඒ වගේම තමයි සිද්ධිය වුණාට පස්සේ රජය ඊට මුහුණ දී ඇති ආකාරය නිසා තමයි මේ වන විට රජයට දැවැන්ත ගැටළුවකට මුහුණ දීලා තියෙන්නේ. ඒ නිසා අපි මේ වන විට සිදුකරමින් සිටින්නේ ජනතාවගේ ආරක්ෂාව, ආර්ථිකය සහ ජීවන මට්ටම යම් තැනකට රැගෙන ඒමට උත්සාහ කිරීමයි.

හිටපු ආරක්ෂක ලේකම්වරයා බලාගෙන ඉදලා තියෙන්නේ පොඩි බෝම්බයක් පුපුරනතුරු. ඒක එතුමා කියලා තියනවා. දරුවන් මැරුණට පස්සේ රක්ෂණයෙන් රුපියල් ලක්ෂයක් නෙමෙයි, දශ ලක්ෂයක් දුන්නත් වැඩක් තියයනවද? ඒ නිසා අධ්‍යාපන ඇමතිවරයා කර ඇති ප්‍රකාශයෙයි හිටපු ආරක්ෂක ලේකම්වරයා කර ඇති ප්‍රකාශයෙයි ලොකු වෙනසක් මම දකින්නේ නෑ.”

මෙම අවස්ථාවට පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත පෙරේරා,ප්‍ රියංකර ජයරත්න, අරුන්දික ප්‍රනාන්දු, හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රීවරුන් වන පාලිත රෝහණ සහ ට්‍රෙවින් ප්‍රනාන්දු යන පිරිස ද එක්ව සිටියා.

ජුඩ් සමන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here