Home Hit ළමා ගණිකාවෝ; ප්‍රේමය ගිනිබත් වූ පොළොවක

ළමා ගණිකාවෝ; ප්‍රේමය ගිනිබත් වූ පොළොවක

1463
0

ශ්‍රී ලංකාව ළමා ගණිකා වෘත්තිය පවත්නා රටක් හැටියට ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් උසූලයි. නමූත් ළමා ගණිකා වෘත්තිය වඩාත්ම පවතින්නේ ඉන්දියාව, තායිලන්තය, පිලිපීනය වැනි රටවලයි. ඒ රටවල ළමා ගණිකාවෝ ලක්ෂ ගණන් සිටිති. වාසනාවකට මෙන් අපේ රටේ එතරම් ප්‍රමාණයක් නැතත් ඊට ආසන්න වෙමින් පවති. අප මෙහි දී  “ළමයා” යන්නට අර්ථදීම පිළිබඳව සිතා බැලුවහොත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය ළමයා යනූ අවූරුදු දහඅටට අඩූ තැනැත්තා හෝ තැනැත්තිය බව කියා ඇත. අපේ රටේ සංස්කෘතික මිමි අනූව “ළමයා” වයස අවූරුදු දහසයට අඩූ අයයි.

මේ ළමා ගණිකාවන් පිරිමි ගැහැණූ දෙපක්ෂයටම අයිතියි. පිරිමි ළමයින් සමග සමහර මිනිස්සූ සමලිංගික සම්බන්ධතා පවත්වති. ගෑනූ හා පිරිමි දෙවර්ගයේම ළමයින් ලිංගික කාර්යය සඳහා යොදවා ගැනීම සිදුවන්නේය. මේ සඳහා ළමයින් යොදවා ගන්නේ රවටා ගැනීමෙන් හෝ බලයෙනි. එය කරන්නේ මනාව සංවිධානය වූ පිරිසක් මගිනි. ඒ සඳහා පිරිමි ගැහැණූ ළමයි ගම්වලින්ද, මූඩූක්කුවලින් හා වීදියේ හා මාවත් වලින්ද සොයාගනූ ලැබේ. ලංකාවේ ළමා ගණිකා කටයූතු සම්බන්ධ වන්නේ සංචාරක ව්‍යාපාරය සමගයි. අතීතයේත් අතරින් පතර ළමයින් ලිංගික කටයූතු සඳහා යොදාගන්නා අවස්ථා තිබූණත්, ඒවා සංවිධානාත්මකව කරන්නට මූල් වූයේ සංචාරක ව්‍යාපාරයයි. සංචාරක ව්‍යාපාරය රටේ ආර්ථිකයට වැදගත්ය. ඒ අය දක්නට ලැබූණේ 1980 න් පසූවය. 1980 න් පසූ ළමා ගණිකා වෘත්තිය ව්‍යාපාරයක් හැටියට ප්‍රචලිත වීමෙන් ඉක්බිතිව බොහෝ දෙනා මේ ගැන තමන්ගේ අවධානය යොමූ කළහ. 1970 ගණන්වල දී ළමා ගණිකාවන් හමූවූයේ නැත. 

ළමා ගණිකාවන් වැඩි ප්‍රමාණයක් ඉන්නේ අගනූවර වන කොළඹය. මීට අමතරව කළුතර, බෙන්තොට, හික්කඩූව, උණවටූන හා තංගල්ලේද මේ අය ඇත. මේ පළාත්වල ඉන්න අයගෙන් සියයට දහසයක් පමණ ගැහැනූ දරුවෝ වන්නාහ. කොළඹ, මීගමූව, හික්කඩූව, නිලාවැලි ආදී මේ සෑම තැනක්ම සංචාරක ව්‍යාපාරයට වැදගත්ය. සංචාරක ව්‍යාපාරය වක්‍ර ලෙස ඒ ළමා ගණිකාවන් පෝෂණය කරන්නේය. අප තවත් විස්තර කරනවා නම් අගනූවර එකල මෙවැනි ළමා ගණිකාවන් සිටියේ පිටකොටූව, කොටූව, ගුණසිංහපූර, ආමර්වීදිය, කොටහේන, ගාලුමූවදොර හා බම්බලපිටියේය. ගල්කිස්සේ ළමා ගණිකා ව්‍යාපාරය ඇතැම් හෝටල් සම්බන්ධව පවතියි. මේ හෝටල් හා ගෙස්ටිහවූස් ගණිකා ව්‍යාපාරයට තෝතැනිය. ඈත පළාත්වලින් ගෙන එන ළමයින්, අනූග්‍රාහකයෝ මේ හෝටල්වලට රැගෙන එන්නාහ. අලුත්ගම ගණිකා ව්‍යාපාරයට හොඳ මධ්‍යස්ථානයකි. එහි ළමා ගණිකාවන්ද ඇත. වෙරළට ඈත මතුගම වැනි නගරයක පවා ළමා ගණිකාවන් සිටිති. තංගල්ලේ ඉන්නා ළමා ගණිකාවන් සියලු දෙනාම පිරිමිය. වයස අවූරුදු දහසය වනතුරු ඒ වෘත්තිය කරන ඒ අය ඉන් පසූ වෙන පළාත්වලට යන්නාහූය. ඒ තංගල්ලේ සම්ප්‍රදායයි. කළුතර ප්‍රදේශයේ කටූකුරුන්ද, පයාගල, මොරගල්ල, අලුත්ගම මේ කටයූතුවලට ප්‍රසිද්ධය. 

දරුවකු මේ සඳහා යොදවන අයට දෙන දඬූවමට අමතරව දරුවාට සෑහෙන වන්දියක් ද ලබාදීමට නීති අවශ්‍යය. ළමා ගණිකා ව්‍යාපාරය සංවිධානය වූවකි. ඒත් පෝසත් මිනිහෙක් හෝ පෝසත්තු කීපදෙනෙක් ඊට මූල් වෙති. ඔවූහූ පිටරට විදේශිකයකු හා මිශ්‍රවන්නාහ. සංවිධායකයෝ බොහෝ විට ගෙයක් මිලයට ගනිති. දැඩි රැකවල් සහිතව මෙහි දරුවන් බලයෙන් හෝ රැවටිල්ලෙන් ගෙනවිත් ඒ ගෙවල්වල නවතා ගනිති. ගමෙන් හා නගරයෙන් ළමයින් ගේන්නේ කොන්ත්‍රාත්කාරයන්ය. ඔවූන් ළමයින් ගෙනත් දුන්නාට පසූ යළි එන්නේ නැත. ඊළඟ තටිටූව නිවසේ ළමයි රැකබලා ගන්නා මූරකරන අයයි. බොහෝ විට පළාතේ දේශපාලනඥයන්ගෙන් හා පොලිසියේ ඇතැම් අයගෙන් මූදල් නිසා මේ අයට පිහිට ලැබේ. ළමයින් ගේන්නට යන කොන්ත්‍රාත් කාරයන් අතර ගැහැනූද ඇත. මේ ගැහැනූ බස් නැවතුම්පොළවල් ආදී පිරිස ගැවසෙන තැන්වල සිට ළමයි “අල්ලා” ගනිති.

සමහර තාත්තලාට මත්පැන් බෝතලයක් දුන්නොත්, සල්ලි ටිකක් දුන්නොත් දරුවා විකිණීමට ඔවූන් අකමැති නැත. සංචාරක පළාත්වල සමහර සංචාරකයන් ගමේ ගෙවල්වල නැවතෙති. එසේ නැවතී දෙමාපියන්ගේ අනූදැනූම ඇතිව දරුවන් හා කැමති ලෙස හැසිරෙන්නාහ. මෙවැනි දෙමාපියන් අපේ සංචාරක පළාත්වල දක්නට ඇත.

ළමා ගණිකා ව්‍යාපාරය ඇතිවීමට පැවතීමට හේතු මෙසේය.

1. නූගත්කම – දෙමාපියෝ නූගතුන් වෙති. දරුවන් සමාජානූයෝජනය කරන්නට ඒ අය දන්නේ නැත. පෙන්වීමටය. කරන්නේ සල්ලි ටිකකට, මත්පැන් බෝතලයට රැවටෙති. සමහවිට දරුවන් රැගෙන යන්නේ රකෂාවට දැමීමට කියාය.

2. දුප්පත්කම – එදාවේලක් කන්න නැති මනූෂ්‍යයා යම් මූදලක් දුන් විට ඊට නිතරම රැවටෙයි. එහි නරක පැත්ත ඔහූට පේන්නේ නැත. මේ ළමා ගණිකාවන්ගේ පවූල්වල ආදායම ඉතාම අඩු මට්ටමක පවතී. ඔවූන්ට ඉඩකඩම් නැත. ස්ථිර ගෙයක් නැත.

3. කිසිදු පාසලකට බොහෝ ළමයින් යවා නැත.

අපේ රටේ ළමා ගණිකාවන් සොයා එන සංචාරකයන් කොටස් දෙකක් ඇත.

ඉන් පළමූවැනි කොටස වයස අවූරුදු 24-30 අතර පිටරැටියන්ය. ඒ අය එන්නේ තමන්ට අවශ්‍ය ලිංගික කටයූතුවල සහභාගිවන්නන් සොයා ගෙනය. ඊළඟ කණ්ඩායම මැදි වයසේ අයය. ඒ අය බොහෝවිට හොයන්නේ ළාබාල ගැහැනූ ළමයින්ය. මේ විදිහටම ඒ අයගෙන් සමහරු සම ලිංගික කටයූතුවලට පිරිමි දරුවන් සොයති. “ඒඩ්ස්” බිය නිසා අපේ රටට ඇවිත් කුඩා දරුවන් සමග එක්වෙති. සමහර සංචාරකයෝ මානසික විකෘති අයයි. ඉතා කුඩා දරුවන් හා ඔවූන් හැසිරෙන්නේ ඉතා පීඩාකාරි ලෙසය. ඔවූහූ දරුවන්ට වද දෙති. වේවැල් වලින් පහර දෙති. ඔවූනොවූන් හා සම ක්‍රීඩාවල යෙදෙන්නට බල කරති. මෙවැනි මානසික විකෘති ඇති අය සොයාගෙන ඒ රටවලටම යැවිය යූතුය. ඔවූන්ට තදබල දඬූවම් ලබාදිය යූතුය. තවත් සමහරු පූදුමාකාර චර්යා රටා ඇති අයයි. අසභ්‍ය චිත්‍රපට ළමයින්ට පෙන්වති. විවිධාකාරයෙන් ගත් අශ්ලීල ඡායාරූපද පෙන්වා ළමයින් උත්තේජනය කරති. මත්පැන්ද මත්ද්‍රව්‍යයද දෙති.

එසේ දී සමහර විට ළමා ගණිකාවන් සමූහයක්ම ඒ කටයූතුවලට යොදා ගන්නාහ. අපට මේ ප්‍රශ්නය විසඳීමට මාර්ග හා උපක්‍රම ඇත. දැනටමත් සමහර උපායමාර්ග යොදාගෙන තිබේ. නීතිය වෙනස් කොට ඇත. එය තවත් දැඩිකළ යූතුය. ළමයින්ට මෙසේ කරන අය ජීවිතාන්තයට දක්වා සිරගෙට හෝ දීර්ඝ කාලින සිරදඬූවම්වලට භාජන කළ යූතු අතර ඔවූන් සතු දේපළ රාජසන්තක කළ යූතුය. මෙය ලංකාවේ එවන් අපරාධ කරන්නන්ට පොදුවීම වැදගත්ය. අපරාධවලට ගොදුරුවූ දරුවන්ට ඔවූන් වන්දි ගෙවිය යූතුය. දෙමාපියන් දැනූවත් කිරීම ඒ සමගම සිදුවිය යූතුය. සංචාරක පළාත්වල පන්සල් මූල්කරගෙන ඒ අවබෝධය දෙමාපියන්ට ලබාදිය හැකිය. ඒ පළාත්වල පාසල්වල ගුරුවරුන්ට සංචාරකයන්ගෙන් ළමයින්ට වන විපත් ගැන අවධානය යොමූකළ යූතුය. පොලිසිය වරදකාරයන් අල්ලා ගැනීම මෙන්ම පළාතේ අයට අධ්‍යාපනය ලබාදිය නීතිය පැනවූ විට ඒ නීතිය ගැන මිනිසූන්ට අවබෝධයක් ලබාදීම වැදගත්ය. නැත්නම් නීතිය පැනවීමෙන් වැඩක් නැත. ඒ පළාත්වල ජන සමූහයා මේ කටයූතු ගැන උනන්දු කළ යූතුය. විවිධ ගම් මටිටමේ ස්වෙච්ඡා සමිති මගින් එය කරන්නට පූළුවන. සමූහයා අතර මහජන මතයක් එවිට ගොඩනැගෙන්නේය. ළමයින් විකුණන තාත්තලාටද සමූහයේ බලපෑම වැටෙන්නට ඉඩ තිබිය යූතුය.

ළමයි යනු ළමයි වන අතර ඔවුන් ගේ ළමා කාලය අප ඔවුන් ගෙන් පැහර ගත යුතු නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here