Home Uncategorized මැතිසබේ ආරක්ෂාවට කෝටි 11ක CCTV

මැතිසබේ ආරක්ෂාවට කෝටි 11ක CCTV

709

මැතිසබයේ ආරක්ෂාව සදහා රුපියල් කෝටි 11ක පමණ වියදමින් ආරක්ෂක කැමරා 236ක් සවිකිරීමට කටයුතු කරගෙන යන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
දිවයිනේ ප්‍රදාන පෙලේ පෞද්ගලික ආයතනයකට මෙම කැමරා සවිකිරීමේ ටෙන්ඩරය බාරදී ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලදාරියෙක් ඊයේ පවසා සිටියේය.
මේ සම්බන්දයෙන් පාර්ලිමේන්තු ප්‍රදානින් හා එම පෞද්ගලික ආයතනයේ නිලදාරීන් අතර සාකච්චාවක් ඉකුත් 13 වෙනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.
පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්ෂක කැමරා 40ක් පමණ දැනට සවිකර තිබුනත් ඒවා කල් ඉකුත්වී ඇතැයි ද මේ නිසා එම ආරක්ෂක කැමරා 40 ඉවත් කරන බව පාර්ලිමේන්තු නිලදරීහු ප්‍රකාශ කළහ .

අලුත් ආරක්ෂක කැමරා 236 සවි කෙරෙන්නේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිටත ප්‍රදේශවලය .මෙම කැමරාවලින් ගන්නා දර්ශන නිරීක්ෂණයට වෙනම නිරීක්ෂණ මැදිරියක් පාර්ලිමේන්තුවේ ස්ථාපනය කිරීමටද කටයුතු කරන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි

-ලංකදීප පුවත් පත ඇසුරෙනි-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here