Home Local ගුවන් නියමු පුහුණු කටයුතු වලට සීමා

ගුවන් නියමු පුහුණු කටයුතු වලට සීමා

485

ගුවන් නියමු පුහුණු කටයුතු සඳහා සීමා පැනවිමට සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

පසුගිය පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් අනතුරුව මෙම සීමා පැනවීම සිදුකර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කර සිටියා.

ගුවන් යානා පුහුණු පාසල් වලින් සිදුකරන ගුවන් නියමු පුහුණු කටයුතු රත්මලාන ගුවන්තොටුපල සහ කටුකුරුන්ද ගුවන්තොටුපලවල් ආශ්‍රිතව සිදුකරනු ලබනවා.

කෙසේ වෙතත් අදාළ පුහුණු කටයුතු සඳහා ගුවන් හමුදාවේ උපදෙස් මත සීමා පැනවිමක් සහ නව නීති හදුන්වාදීමට පියවර ගෙන ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මේ අතර සැහැල්ලු ගුවන් යානා ධාවනය කිරීමේදී ද නව නීති රිති හඳුන්වාදීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජාතික ආරක්ෂාව උදෙසා මෙම පියවර ගෙන ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here