Home Local එක්‌සත් රාජධානියේ ආරක්‌ෂක ඇමැති කොච්චිකඩේ පල්ලියට

එක්‌සත් රාජධානියේ ආරක්‌ෂක ඇමැති කොච්චිකඩේ පල්ලියට

429

ශ්‍රී ලංකාවේ චාරිකාවක්‌ සඳහා මෙරටට පැමිණ සිටින එක්‌සත් රාජධානියේ ආරක්‌ෂක ඇමැති බෙන් වොලස්‌ (Ben Wallace) පාස්‌කු ඉරුදින රුදුරු ත්‍රස්‌ත බෝම්බ ප්‍රහාරයෙන් විනාශයට පත්වූ කොළඹ, කොච්චිකඩේ ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ සිද්ධස්‌ථානයට සිදුවූ විනාශය දැක බලා ගැනීමට ඊයේ (03) උදැසන එහි ගොස් තිබෙනවා.

එහිදී බැතිමතුන්ට වන්දනා කිරීම සඳහා කොච්චිකඩේ ශුද්ධ වූ අන්තෝනි මුනිඳු සිද්ධස්‌ථානය ඉදිරිපිට මාර්ගයේ මාර්ග බාධකය අසල තැන්පත් කර ඇති අන්තෝනි මුනිඳු ප්‍රතිමාවට ආරක්‌ෂක ඇමැතිවරයා මල් කළඹක්‌ තැන්පත් කරනු ලැබුවා.

එම දේවස්‌ථානයේ පරිපාලක ජූඩ් රාඡ් ප්‍රනාන්දු පියතුමාද එම අවස්ථාවට එක්ව සිටියා.

ඡායාරූපය – ජූඩ් ඩෙන්සිල් පතිරාජ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here