Home Hit නීතිය හා සාමය අමාත්‍ය ධුරය ෆොන්සේකාට දීම ජනපති ප්‍රතික්ෂේප කරයි

නීතිය හා සාමය අමාත්‍ය ධුරය ෆොන්සේකාට දීම ජනපති ප්‍රතික්ෂේප කරයි

792

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට නීතිය හා සාමය අමාත්‍යාංශය ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂය කළ ඉල්ලීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇතැයි වාර්තා වනවා.

අගමැති රනිල් වික්‍රමසිංහගේ ඇමැතිවරුන් වන මලික් සමරවික්‍රම, රාජිත සේනාරත්න හා කබිර් හෂීම් විසින් ඉකුත් අඟහරුවාදා (30) ජනාධිපතිවරයා හමුවී මෙම ඉල්ලීම කර තිබෙනවා.

එහෙත් ෆොන්සේකාට කිසිඳු හේතුවක් මත නීතිය හා සාමය අමාත්‍යාංශය ලබාදීය නොහැකි බවයි ජනාධිපතිවරයා ඔවුන්ට එහිදී දැනුම් දී ඇත්තේ.

ඔහුට නීතිය හා සාමය අමාත්‍යාංශය ලබානොදීමට හේතු කාරනා ද ජනාධිපතිවරයා විසින් පැහැදිලි කරනු ලැබ ඇතැයි ද සඳහන්.

අජන්ත කුමාර අගලක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here