Home Hit ප්‍රභාකරන්ගේ හා ඇන්ටන් බාලසිංහම්ගේ ජායාරූප ළඟ තබාගෙන සිටි යාපනය සරසවි සිසුන් දෙදෙනෙකු...

ප්‍රභාකරන්ගේ හා ඇන්ටන් බාලසිංහම්ගේ ජායාරූප ළඟ තබාගෙන සිටි යාපනය සරසවි සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට

368

LTTE නායක ප්‍රභාකරන්ගේ හා LTTE න්‍යායචාර්ය ඇන්ටන් බාලසිංහම්ගේ රුව රැගත් ජායාරූප 02ක් ළඟ තබාගෙන සිටි යාපනය විශ්ව විද්‍යාලයයේ සිසුන් දෙදෙනෙකු අද (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනය ආරක්ෂක අංශ පැවසුවේ යාපනය විශ්වවිද්‍යාලය හා විශ්වවිද්‍යාල නේවාසිකාගාරය පරීක්ෂා කිරීම සිදුකළ අවස්ථාවේ අදාළ ජායාරූප ළඟ තබාගෙන සිටි සිසුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ ඉගෙනුම ලබන වයස අවුරුදු 23ත් 24ත් වන සිසුන් දෙදෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවද ආරක්ෂක අංශ පවසනවා.

විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් කාර්යාලයේ අදාළ ජායාරූප තිබි ඇති බවයි ආරක්ෂක අංශ සඳහන් කර සිටින්නේ.

මේ වන විට ආරක්ෂක අංශ විසින් යාපනය විශ්වවිද්‍යාල භූමිය හා විශ්වවිද්‍යාල නේවාසිකාගාර පරීක්ෂාවට ලක්කරමින් සිටින බවයි අප වාර්තාකරු සිටියේ.

යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියාව, වෙප්පන්කුලම පිහිටි වවුනියාව මණ්ඩපය ද වවුනියාව ආරක්ෂක අංශ විසින් අද (03) උදැසන පරීක්ෂා කිරීම ආරම්භ කරනු ලැබුවා.

වවුනියාව මණ්ඩපයේ අධ්‍යාපනය ලබන සිසුන්ගේ නේවාසිකාගාර ද ආරක්ෂක අංශ විසින් දැඩි පරීක්ෂාවට ලක්කරනු ලබනවා.

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here