Home Local සුඛෝපභෝගී හෝටලයක තිබී හමුවූ යුද උපකරණ – PHOTOS

සුඛෝපභෝගී හෝටලයක තිබී හමුවූ යුද උපකරණ – PHOTOS

865

මුලතිව් , ආලම්පිල් ප්‍රදේශයේ ඉදිකෙරෙන සුඛෝපභෝගී හෝටලයක් තුල තිබී ආරක්ෂක අංශ විසින් භාවිතා කරන ගමන් කථන (වෝකි ටෝකි) 09ක් හා යුද හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් කිහිපයක් අද (01) සිදුකළ සෝදිසියකදී සොයාගත් බව මුලතිව් පොලිසිය පවසනවා.

යුද හමුදාව විසින් ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අදාල හෝටලය ඉදිවන ස්ථානයේ තිබී මෙම උපකරණ තොගය සොයාගෙන තිබෙනවා.

සොයාගත් උපකරණ අතර දුරදක්නයක් , සිම්පත් 11ක් , ගමන් කථන සඳහා යොදන බැටරි , කිණිස්සක් හා ආරක්ෂක අංශ විසින් පළදින සපත්තු (බූට්) යුගල් 02ක් ද සොයාගත් බව සඳහන්.

සෝදිසි මෙහෙයුම සිදුකරන අවස්ථාවේ එහි කිසිවෙකු සිට නොමැති බවද මුලතිව් යුද හමුදාව සඳහන් කර සිටියා.

විදේශ රටක සිටින පුද්ගලයකු විසින් මුදල් යොදවා මෙම හෝටලය ඉදිකරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවටගෙන නොමැති අතර මුලතිව් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here