Home Hit ලංකාවේ විශාලතම දහම් පාසල අප්‍රේල් 28 සහ මැයි 05 වනදා වසා දමයි

ලංකාවේ විශාලතම දහම් පාසල අප්‍රේල් 28 සහ මැයි 05 වනදා වසා දමයි

550

මහරගම සිරි වජිරඤාණ දහම් පාසල සිංහල අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව අප්‍රේල් මස 28 වන ඉරිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ නමුත්, රටේ පවතින වත්මන් තත්ත්වය සැළකිල්ලට ගෙන නැවත දහම් පාසල ආරම්භ කිරීම මැයි මස 12 වනදා දක්වා කල් දැමීමට දහම්පාසල් කළමණාකාරිත්ව මණ්ඩලය තීරණය කර තිබෙනවා.

මේ පිළිබඳව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් ලබා දී ඇති උපදෙස් අනුගමනය කරමින් මහරගම සිරි වජිරඤාණ දහම්පාසල අප්‍රේල් 28 වන ඉරිදා සහ මැයි මස 05 වන ඉරිදා නොපැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ලංකාවේ දහම් පාසල් සඳහා ලබන ඉරිදා දින නිවාඩු ලබාදෙන ලෙස නියම කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here