Home Hit රාජ්‍ය සේවකයින් 50%ක්වත් සේවයට වාර්තා කර නැහැ

රාජ්‍ය සේවකයින් 50%ක්වත් සේවයට වාර්තා කර නැහැ

618

රට තුළ ඇතිවී තිබෙන අනාරක්‍ෂිත තත්ත්වය හේතුවෙන් රාජ්‍ය සේවකයන්ගෙන් 50%ක් හෝ ගෙවීගිය දින 04ක් තුළ සේවයට වාර්තා කර නොමැති බව රාජ්‍ය පළාත් රාජ්‍ය රජයේ වෘත්තීය සමිතිය සඳහන් කර සිටිනවා.

සේවයට වාර්තා කළ බහුතර රාජ්‍ය සේවකයන්ට පවා නියමිත වේලාවට රාජකාරියට වාර්තා කිරීමට නොහැකිවී තිබෙන බවත්, පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන රාජකාරි වේලාව අවසන් වීමට පෙර බොහෝ පිරිසක් සේවා ස්ථානයෙන් පිටත්වගොස් තිබෙන බවත් ලේකම්වරයා සඳහන් කර තිබෙනවා.

මේ හේතුවෙන් සේවයට වාර්තා කළ අති බහුතරයකට වරුවක නිවාඩුවක් දැමීමට සිදුව තිබෙන බවත්, එම තත්ත්වය සැලකිල්ලටගෙන සමස්ත රාජ්‍ය සේවකයාටම සාධාරණයක් ඉටුවන ආකාරයට විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස අද (26) රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ලිඛිතව ඉල්ලා සිටි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here