Home Hit පාස්කු ඉරිදා ව්‍යසනය වෙනුවෙන් අරමුදලක්

පාස්කු ඉරිදා ව්‍යසනය වෙනුවෙන් අරමුදලක්

307

පාස්කු ඉරිදා සිදුවූ ව්‍යසනයෙන් ගොඳුරු වූ අය වෙනුවෙන් සහ දෙව් මැදුරු ප්‍රතිසංස්කරණය කර යථාතත්ත්වයට පත් කිරීමට අරමුදලක් පිහිටුවා ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු හිමියන් පවසා සිටියා.

ඒ වෙනුවෙන් ආධාර ලබාදෙන්නට කැමති අය වෙනුවෙන් විශේෂ ගිණුමක් ආරම්භ කර තිබෙන බවයි උන්වහන්සේ සඳහන් කළේ.

එම ගිණුම “කොළඹ අගරදගුරුතුමා” යන නමින් බොරැල්ල කොමර්ෂල් බැංකු ශාඛාවේ ගිණුම් අංක 1190038741 යටතේ ආරම්භ කර ඇති අතර ඊට අදාළ අරමුදල “2019 පාස්කු ඉරු දින ව්‍යවසනයෙන් විපතට පත්වූවන්ගේ පුනරුත්ථාපනය සහ දෙව් මැදුරු ප්‍රතිසංස්කරණය සඳහා වූ විශේෂ අරමුදල” යනුවෙන් නම් කර තිබෙනවා.

ඒ වෙනුවෙන් මුදල් පරිත්‍යාග කිරීමේදී තමන් එය සිදු ලබන්නේ, විපතට පත්වූවන්ගේ පුනුරුත්ථාපන කටයුතු සඳහා ද දෙව් මැදුරු ප්‍රතිසංස්කරණය සඳහා ද යන්න සඳහන් කරන ලෙසයි අගරදගුරු කාර්යාලය ඉල්ලා සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here