Home Local කුරුණෑගල මහා නගරසභා බලප්‍රදේශයේ බුර්කාව තහනම් කරයි

කුරුණෑගල මහා නගරසභා බලප්‍රදේශයේ බුර්කාව තහනම් කරයි

1677

කුරුණෑගල මහා නගර සභාව විසින් පාලනය වන සියලු ආයතනයන්ට බුර්කා ඇඳුමින් සැරසී ඇතුල්වීම අද (26) දින සිට තහනම් කර තිබෙනවා.

ඒ අනුව කුරුණෑගල පොල භූමිය, පොදු වෙළඳ සැල භුමිය, බස්නැවතුම්පල ඇතුළු ස්ථාන සියල්ලටම ” බුර්කාව ” ඇඳුමෙන් සැරසි ඇතුල්විම තහනම් වනු ඇති.

මේ පිළිබඳ වන යෝජනාවක් පුරපති තුෂාර සංජීව විතාරණ මැතිතුමන් ඉදිරිපත් කල අතර අද පැවති කුරුණෑගල මහ නගර සභා වාරයේදී එම යෝජනාව ඒකමතිකව සම්මත වී තිබෙනවා.

යෝජනාවට පක්ෂව ජන්ද 21ක් හිමිව ඇති අතර විපක්ෂව කිසිඳු ජන්දයක් හිමිව නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here