Home Local සිනමන් ග‍්‍රෑන්ඞ් ත‍්‍රස්තයාගෙන් මවට හඬ පටයක්

සිනමන් ග‍්‍රෑන්ඞ් ත‍්‍රස්තයාගෙන් මවට හඬ පටයක්

814

‘‘අම්මේ මට සමාවෙන්න මම මගේ ආගම වෙනුවෙන් සිය දිවි හානිකර ගන්නවා.” යනුවෙන් සඳහන් කළ හඬපටයක් මඟින් කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කර සියදිවි හානිකරගත් ත‍්‍රස්තවාදියා ප‍්‍රහාරය එල්ල කිරීමට පෙර තම මවට දැනුම් දී තිබෙනවා.

මෙම ත‍්‍රස්තවාදියා පදිංචි වී සිටි දෙමටගොඩ නිවස පරීක්‍ෂා කිරීමේදීයි මෙම හඬ පටය හමු වී ඇත්තේ.

මේ අතර කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් සහ ෂැංගි‍්‍රලා හෝටල්වලට මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කළ ත‍්‍රස්තවාදීන් දෙදෙනාගේ සොහොයුරන් බව ද අනාවරණය වී තිබෙනවා.

දෙමටගොඩ ප‍්‍රදේශයේ සුවිසල් නිවසක මෙම සොහොයුරන් පදිංචි වී සිටි අතර ඔවුන් ඉතාම ධනවත් ව්‍යාපාරිකයන් බවද හෙළි වී තිබෙනවා.

මෙම ත‍්‍රස්තවාදීන් දෙදෙනාට තඹ කර්මාන්ත ශාලා, කුළු බඩු අපනයනය කිරීම් ඇතුළු ව්‍යාපාර තවත් ව්‍යාපාර කීපයක් ඇති බවද අනාවරණය වී තිබෙනවා.

ප‍්‍රහාරයෙන් පසු දෙමටගොඩ නිවස වටලා එහි සිටි පිරිස අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ එක් ත‍්‍රස්තවාදියකුගේ බිරිඳ සිය දරු තිදෙනකු සමග බෝම්බයක් පුපුරුවාගෙන දිවි හානි කර ගෙන තිබෙනවා.

ෂැංගි‍්‍රලා සහ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටල්වලට ප‍්‍රහාර එල්ල කළ මෙම සොහොයුරන් දෙදෙනාගේ මව පියා ඇතුළු පවුලේ සාමාජිකයන් 10 දෙනකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් අතර පසුව ඔවුන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇතැයි සඳහන්.

හේමන්ත රන්දුණු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here