Home Hit මහින්ද මූලිකත්වය දුන්නොත් මේක ඉවර කරන්න පුළුවන්-වෙල්ගම

මහින්ද මූලිකත්වය දුන්නොත් මේක ඉවර කරන්න පුළුවන්-වෙල්ගම

540

එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225ම භාර ගත යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවැසීය. අද පෙරුවේදී පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

“අපි ඔක්කොම දන්නවා මේකෙ වගකිවයුත්තා කවුද කියන එක. අපි කියන්න බයයි. මේ දෙපැත්තෙම අය කියන්න බයයි කවුද මේකේ වගකිවයුත්තා කියලා. මේකෙ වගකිවයුත්තා තමුන්නාන්සෙලාත් දන්නවා, හෘදය සාක්ෂියට එකඟව මමත් දන්නවා. කොකේන් අල්ලනකොට, කුඩු අල්ලනකොට, ඒ ළකුණු ටික දාගන්න හොඳනම්, ටීවී එකට ඇවිල්ලා කියන්න හොඳ නම් ඇයි මෙතනදි කියන්න බැරි මේ වැරැද්ද මගේ අතින් සිද්ධ වුණේ කියලා”

මගේ නායකයාට (මහින්ද රාජපක්ෂ) මූලිකත්වය දුන්නොත් මේක ඉවර කරන්න පුළුවන්.
මේක මැඩ පවත්වන්න අය ඉන්නවා. මුහුණ දෙන්න ශක්තිමත් කෙනාත් ඉන්නවා. ඒ සරත් ෆොන්සේකා මහතායි. මේකට පාර්ලිමේන්තුවේ 225ම වග කියන්න ඕන. අපි රට ගැන හිතන්නේ නෑ. අපි හිතන්නේ අපි ගැන විතරයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here