Home Local නුවරඑළියෙන් ඩෙටනේටර් 198ක් හමුවෙයි – PHOTOS

නුවරඑළියෙන් ඩෙටනේටර් 198ක් හමුවෙයි – PHOTOS

583

නුවරඑලිය, හාවාඑලිය ප්‍රදේශයේ මහින්ද මාවතේ බොක්කුවක් මත තිබි ඩෙටිනේටර් 198ක් හමු වු බව නුවරඑලිය පොලිසිය පවසනවා.

නුවරඑලිය, හාවාඑලිය ප්‍රදේශයේ ඇළ මාර්ගයක් ඇසල බොක්කුවක් මත සැක සහිත පාර්සලයක් තිබෙන බවට නුවරඑලිය පොලිසිය වෙත ලද තොරතුරක් මත යුධ හමුදාව සහ පොලිසිය එක ව අද (25) උදැසන 10.30ට පමණ සිදුකල සොදිසි මෙහෙයුමදි සැකසහිත පාර්සලය ආරක්ෂිතව රැගෙන පරික්ෂා කර බැලිමේදි එතුළ මෙම ඩෙටනේටර් 198 තිබු බවයි වාර්තා වන්නේ.

නුවරඑලිය ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් සිදුකරන නිසා කිසියම් අයෙකු විසින් මෙම ඩෙටනේටර් තොගය ඇළ මාර්ගය වෙත ගෙනවිත් දමන්නට ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නුවරඑලිය පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑලිය පොලිසිය සහ යුධ හමුදාව වෙන් වෙන්ව පරික්ෂණ පවත්වනු ලබනවා.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here