Home Local උතුරට වැඩි ආරක්ෂාවක් ඉල්ලයි

උතුරට වැඩි ආරක්ෂාවක් ඉල්ලයි

524

රටේ උදා වී ඇති තත්ත්වය හමුවේ කොළඹට පමණක් නොව උතුර නැගෙනහිර පළාත්වලටද විශාල තර්ජනයක් එල්ල වී ඇති නිසා එහි වැසියන්ගේ ආරක්‍ෂාව තර කරන මෙන් දෙමළ ජාතික සන්ධානය රජයෙන් ඉල්ලීමක් කොට තිබෙනවා.

දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රධාන හවුල්කාර පක්‍ෂයක් වන ඉලංකෙයි තමිල් අරුසුකච්චි පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මාවෙයි සේනාධිරාජා විසින් මේ සම්බන්ධයෙන් ලිපියක් ජනාධිපති ලේකම් කාර්යාලය, අග‍්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය ඇතුළු තවත් වගකිව යුතු ආයතන කීපයකටම 23 වනදා යවා ඇතැයි වාර්තා වනවා.

මාවෙයි සේනාධිරාජා මන්තී‍්‍රවරයා එහි සඳහන් කොට ඇත්තේ නැගෙනහිර පළාතේ මඩකලපුවේ පිහිටි සියෝන් දේවස්ථානයට ප‍්‍රහාරයක් එල්ල වීමේ සිද්ධිය දෙස බලන විට අනිවාර්යෙන්ම උතුර පළාතේද එවැනි ස්ථාන එකක් හෝ දෙකක් බෝම්බකරුවන්ගේ ඉලක්ක බවට පත්ව තිබෙන්නට ඇතැයි පිළිගත යුතු බවයි.

මේ නිසා ඉදිරියේදී යම් විපතක් සිදු වීමට පෙර උතුර නැගෙනහිර පළාත්වල ආරක්‍ෂාවද සහතික කරන මෙන් මන්තී‍්‍රවරයා මෙම ලිපියෙන් ඉල්ලා තිබෙනවා.

දිනසේන රතුගමගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here