Home Politics ”ලංකාවේ ආරක්ෂාව ඉතාම දුර්වල බව ත‍්‍රස්තවාදීන් හඳුනාගෙන තියෙනවා” – නියෝජ්‍ය අමාත්‍ය රන්ජන්...

”ලංකාවේ ආරක්ෂාව ඉතාම දුර්වල බව ත‍්‍රස්තවාදීන් හඳුනාගෙන තියෙනවා” – නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක

387
0

ආරක්ෂාව අතින් ඉතාමත් දුර්වල මට්ටමක පවතින රටක් වශයෙන් ශී‍්‍ර ලංකාව පත්ව ඇති නිසා ත‍්‍රස්තවාදීන් එය හඳුනාගෙන දෙව්මැඳුරු ඇතුළු සංචාරක හෝටල්වලට මෙවැනි බෝම්බ ප‍්‍රහාරයන් එල්ල කළ බව නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක ඊයේ (22) සඳහන් කර සිටියා.

ඒ අනුව ප‍්‍රහාරකයන්ගේ අරමුණ ඉටු වූ බව ද මින් ඉදිරියටවත් රටේ ආරක්ෂක තත්ත්වය ඉතා පුළුල් කළ යුතු බව ද ඔහු සඳහන් කර සිටියා.

ශී‍්‍ර ලංකා ඉතිහාසයේ මින් පෙර ආගමික ස්ථාන වලට මෙවැනි දරුණු ප‍්‍රහාර එල්ල නොවූ බවයි හෙතෙම සඳහන් කළේ.

නෝමන් පලිහවඩන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here