Home Hit රථවාහන රියදුරන්ට පොලීසියෙන් විශේෂ නිවේදනයක්

රථවාහන රියදුරන්ට පොලීසියෙන් විශේෂ නිවේදනයක්

328

මාර්ගය දෙපස වාහන නවතා යන්නේ නම් දුරකතන අංකය සහ නම සඳහන් පත්‍රිකාවක් වාහනයේ ඉදිරිපස වීදුරුවේ ප්‍රදර්ශනය කර තබන ලෙස පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පැවසුවේ, වත්මන් ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන ඇති බවයි.

මාර්ගයේ නවතා ඇති වාහන සම්බන්ධයෙන් ජනතාවගෙන් ලැබෙන තොරතුරු මත අඛණ්ඩව පරීක්ෂා කිරීම් සිදුවන බැවින් සිදුවිය හැකි අපහසුතාවන් වළක්වා ගැනීම සඳහා එම ක්‍රියාමාර්ගය අනුගමනය කරන ලෙසයි පොලීසිය රථවාහන රියැදුරන්ට දැනුම් දෙනු ලබන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here