Home Local රට තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කරයි

රට තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කරයි

313

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමන්ට පැවැරී ඇති බලතල අනුව ඊයේ (22) මධ්‍යම රාත්‍රී සිට ශ්‍රී ලංකාවේ හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මහජන ආරක්ෂණ පනතේ දෙවන වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව එම ආඥා පනතේ දෙවන කොටසේ විධිවිධාන ක්‍රියාත්මක මේ අනුව ක්‍රියාත්මක වීමට නියමිතයි.

රටේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලීසියට සහ ත්‍රිවිධ හමුදාවට බලය ලබාදීම මෙහි අරමුණයි.

මහජන ආරක්ෂක පනත පැනවීමෙන් පසු එය අදාළ කාලය තුළ රටේ පවතින අනෙකුත් නීති සහ රෙගුලාසීවලට ඉහළින් බලපැවැත්වීමට නියමිතයි.

මෙම පනතේ විධිවිධානයන්ට අනුව වරෙන්තු නොමැතිව සාධාරණ සැකයන් ඔස්සේ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට සහ රඳවා ගැනීමට ආරක්ෂක අංශ හට අවස්ථාව හිමි වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here