Home Hit UPDATE : බෝම්බ ප්‍රහාර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 321 දක්වා ඉහළට

UPDATE : බෝම්බ ප්‍රහාර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 321 දක්වා ඉහළට

522

පසුගිය පාස්කු ඉරිදා (21) දින සිදුවූ බෝම්බ ප්‍රහාර හේතුවෙන් මේ වන විට මියගොස් ඇති ගණන 321ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම 500කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි සඳහන් වන්නේ.

ප්‍රහාරය සම්බන්ධයෙන් ISIS සංවිධානය වගකීම භාරගන්නා බව ඊජිප්තුවේ කයිරෝ නුවර පිහිටි රොයිටර් කාර්යාලයෙන් ප්‍රසිද්ධ කරන ලද රොයිටර් වාර්තාවක සඳහන්.

ප්‍රහාරයේ වගකීම බාරගන්නා නමුත් ඒ බව තහවුරු කළ හැකි සාක්ෂි අයිසිස් සංවිධානය ඉදිරිපත් කර නොමැත.

ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කර තිබුණේ පසුගිය මාසයේදී නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවරදී මුස්ලිම් පල්ලියක් තුළදී කළ වෙඩි ප්‍රහාරයට පළිගැනීමක් ලෙසින් පසුගිය ඉරිදා ශ්‍රී ලංකාවේදී මෙම ප්‍රහාර මාලාව සංවිධානය කර තිබුණු බවයි.

පිපිරීම් හේතුවෙන් මියගිය ගණන ගණන 310ක් දක්වා ඉහළට

පිපිරීම් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 310ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තුවලකරුවන් 500ක් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසනවා.

එමෙන්ම මෙම ප්‍රහාරය හේතුවෙන් විදේශ ජාතිකයින් 31දෙනෙකු මේ වන විට මියගොස් ඇති බව වාර්තා වනවා.

පිපිරීම් හේතුවෙන් මෙරටට පැමිනි විදේස් සංචාරකයින් 14කු අතුදන් වී සිටින බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

සිද්ධීන් සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 24දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සබැඳි පුවත් – UPDATE : පිපිරීම් වලින් මියගිය සංඛ්‍යාව 290ක් දක්වා ඉහළට

පිපිරුම් වලින් මිය ගිය ගණන 207ක් දක්වා ඉහලට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here