Home Local ජාතික තව්හීද් ජමාත් සංවිධානයට 2017 වසරේ සිට විරෝධතා

ජාතික තව්හීද් ජමාත් සංවිධානයට 2017 වසරේ සිට විරෝධතා

498
0

පසුගිය 21 වනදා පල්ලි හා කොළඹ තරු පංතියේ හෝටල්වලට එල්ල කළ බෝම්බ ප්‍රහාරය සැලසුම්කළ බවට සඳහන් කරන ජාතික තව්හීද් ජමාත් සංවිධානයට 2017 වසරේ පටන් විරෝධතා පැවැති බවට මේ වන විට තොරතුරු වාර්තා වෙමින් පවතිනවා.

මෙම සංවිධානය නැගෙනහිර පළාතේ කාන්තන්කුඩි ප්‍රදේශය මූලික කරගනිමින් ක්‍රියාත්මක වී ඇති අතර එම ප්‍රදේශයේ ජනතාවගෙන් ද සංවිධානයට විරෝධය එල්ල වී තිබෙනවා.

2017 වසරේදී එම සංවිධාය හා තවත් සංවිධානයක් අතර ගැටුමක් ද හටගෙන තිබෙනවා.

පසුව ජාතික තව්හීද් ජමාත්සංවිධානයේ නායකයා බව පැවැසෙන සහරාන් හෂීම් අත්අඩංගුවට ගන්නා ලෙසත් ජනතාව විරෝධතා පවත්වා ඇති බවටයි මේ වන විට තොරතුරු වාර්තා වන්නේ.

රුවන් කාශ්‍යප

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here