Home Hit ගායක අමල් පෙරේරා ඇතුළු 06දෙනෙක් දිවයිනට

ගායක අමල් පෙරේරා ඇතුළු 06දෙනෙක් දිවයිනට

639

මාකදුරේ මදූෂ් විසින් සංවිධානය කරන ලද උපන් දින සාදයකට සහභාගීවීම සදහා ඩුබායි වෙත ගොස් සිටියදී එරට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන රදවා ගෙන සිටි ගායක අමල් පෙරේරා ඇතුළු 06 දෙනෙකු අද (23) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

ඔවුන් අද අලුයම 5.03ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බවයි අප වාර්තාකරු සඳහන් කර සිටියේ.

ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව මොවුන් ආගමන – විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් භාර ගෙන වැඩිදුර විමර්ශන සදහා ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සහ ජාතික රහස් තොරතුරු ඒකකයේ නිලධාරීන් වෙත භාර දී ඇති බව සඳහන්.

ටී.කේ.ජී.කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here