Home Hit කොළඹට දැඩි ආරක්ෂාවක්

කොළඹට දැඩි ආරක්ෂාවක්

628

කොළඹ නගරය තුළ ආරක්ෂාව මේ වන විට තර කර තිබෙනවා.

එමෙන්ම කොළඹ ප්‍රදේශ රැසකට මේ වන විට දැඩි වර්ශාපතනයක් ඇද හැලෙමින් පවතිනවා.

රටේ පවතින තත්වය හමුවේ කොළඹ කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානයට යුද හමුදා කොමාන්ඩෝ සෙබළුන් යොදවා ආරක්ෂා කර ඇති අතර ආර්ථික මර්මස්ථාන සියල්ලටම යුද හමුදා සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් යොදවා තිබෙනවා.

කතෝලික දේවස්ථාන සහ විහාරස්ථාන වලටද ආරක්ෂාව යොදවා තිබූ අතර කොළඹ නගරයේ බොහොමයක් කඩ සාප්පු වසා දමා ඇති බවක් දැක ගන්නට පුළුවන්.

එමෙන්ම පිටකොටුවේ මහා වීදියේ වෙළඳසල් හිමියන් විසින් සුදු කොඩි වැල් අදිමින් තම ශෝකය ප්‍රකාශ කරන අයුරු ද දැක ගත හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here