Home Hit හෙට ජාතික ශෝක දිනයක් ලෙස නම් කරයි

හෙට ජාතික ශෝක දිනයක් ලෙස නම් කරයි

617

හෙට (23) දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ජාතික ආරක්ෂක මණ්ඩලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (22) පැවැත් වූ අවස්ථාවේදීයි මෙම තීරණයට ගෙන ඇත්තේ.

ත්‍රස්තවාදය මර්දනයට අදාළ වගන්ති පමණක් අද රාත්‍රී 12.00 සිට හදිසි නීති රෙගුලාසි යටතේ ගැසට් කීරීමට රජය ඒ අනුව තීරණය කර ඇති බව සඳහන්.

රටේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලීසියට සහ ත්‍රිවිධ හමුදාවට බලය ලබාදීම වෙනුවෙන් එම පියවර ගෙන ඇතැයි සඳහන්.

ඊයේ (21) සිදුකළ ත්‍රස්ත ක්‍රියාවට අදාළ සංවිධාන, ඊට අදාළව අත්අඩංගුවට ගත් ත්‍රස්තවාදීන් සහ අනුබල දුන් තවත් බලවේග ඇත්නම් එකී සියලූ විනාශකාරී බලවේග සම්පූර්ණයෙන්ම විනාශ කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ඒ පිළිබඳ ඉදිරි පියවර ගැනීමට ජනාධිපතිවරයා පොලීසියට සහ ත්‍රිවිධ හමුදාවට උපදෙස් දී තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සිටින සියලූ විදේශ තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරු කැඳවා රටේ වත්මන් තත්ත්වය පැහැදිලි කිරීමට ජනාධිපතිතුමා අපේක්ෂා කරන අතර, එහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර සහාය ඉල්ලා සිටිමට නියමිතයි.

දේශීය ත්‍රස්තවාදීන්ගේ මෙම සිදුවීම් පසුපස ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන සිටින බවට බුද්ධි අංශ වාර්තාකර ඇති බැවින් ඔවුන් මර්දනය කිරීම සඳහා මෙලෙස ජාත්‍යන්තර සහාය ඉල්ලා සිටීමට නියමිතයි.

මේ අතර කතෝලික දේවස්ථාන සහ ආරක්ෂාව අවශ්‍ය සියලූ ස්ථානවලට විධිමත් ආරක්ෂක වැඩපිළිවෙළක් සකසන්නැයි ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here