Home Local වවුනියාවේ කළු කොඩි ඔසවයි – PHOTOS

වවුනියාවේ කළු කොඩි ඔසවයි – PHOTOS

809

බෝම්බ පිපිරීමේ සිදුවීම් වලින් ජිවිතක්ෂයට පත්වූවන් වෙනුවෙන් ශෝකය පළ කරමින් වවුනියාව ජනතාව අද (22) වවුනියාව නගරයේ කළු කොඩි ඔසවනු ලැබුවා.

වවුනියාව ජනතාව පැවසුවේ බෝම්බ ප්‍රහාරයන්ගේ ජිවිතක්ෂයට පත්වු සහෝදර ජනතාවගේ ආත්ම ශාන්තිය ප්‍රාර්ථන කරන බවත්,‍ ඒ වෙනුවෙන් වන ශෝකය ප්‍රකාශ කිරීමට තමන් නගරය පුරා කළු කොඩි එසවු බවත්ය.

බෝම්බ ප්‍රහාර වෙනුවෙන් වගකිව යුතු පිරිසට රජය දැඩි දඩුවම් ලබාදිය යුතු බවත්, රජය දැඩි ප්‍රතිපත්තියක සිට ජනතාව ඝාතනය කරන මෙවැනි ඝාතකයින් එල්ලා මරා දැමිය යුතු බවත් වවුනියාව ජනතාව පවසනවා.

බෝම්බ ප්‍රහාරයන්ගෙන් ජිවිතක්ෂයට පත්වූවන්ගේ පවුල් වෙනුවෙන්ද තම ශෝකය ප්‍රකාශ කරන බවයි වවුනියාව ජනතාව හා වෙළඳ ප්‍රජාව පවසන්නේ.

වවුනියාව නගරයේ සෑම මාර්ගයකම කළු කොඩි ඔසවා තිබෙන අයුරු දැක ගැනීමට හැකිවුණා.

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here