Home Local මුන්දලමේ මුස්ලිම් දේවස්ථානයකට එල්ල කළ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය ගැන විමර්ශන අරඹයි

මුන්දලමේ මුස්ලිම් දේවස්ථානයකට එල්ල කළ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය ගැන විමර්ශන අරඹයි

958
0

මුන්දලම – පෙරුකුවටාන ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් දේවස්ථානයකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උඩප්පුව පොලීසිය විසින් විශේෂ විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.

පෙට්‍රල් බෝම්බප්‍රහාරය එල්ල වී ඇත්තේ ඊයේ (21) සවස 6.45ට පමණ වන අතර එම අවස්ථාවේදී දිවයින පුරා පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙමින් පැවතුණි.

යතුරු පැදියකින් පැමිණ ඇති දෙදෙනෙකු විසින් දේවස්ථානය දෙසට පෙට්‍රල් පිරවූ කුඩා බෝතලයකින් දමා ගසා ඇත.

දේවස්ථානයේ බිත්තයක ගැටී එය පුපුරා ගොස් ඇති අතර පිපිරීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති බව සඳහන්.

කව්රුන් විසින් මෙම සිද්ධිය සිදු කලාද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර උඩප්පුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනු ලැබේ.

ජුඩ් සමන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here