Home Local පිපිරීම් වලින් ජීවිතක්‍ෂයට පත්වූවන් වෙනුවෙන් ශෝකය පළ කරමින් මන්නාරමේ හර්තාල් – PHOTOS

පිපිරීම් වලින් ජීවිතක්‍ෂයට පත්වූවන් වෙනුවෙන් ශෝකය පළ කරමින් මන්නාරමේ හර්තාල් – PHOTOS

398
0

බෝම්බ පිපිරීමේ සිදුවීම්වලින් ජිවිතක්ෂයට පත්වූවන් වෙනුවෙන් ශෝකය පළ කරමින් මන්නාරම වෙළඳ ප්‍රජාව සිය වෙළඳසැල් වසා දමා අද (22) හර්තාලයක් ක්‍රියාත්මක කළ බව මන්නාරම වෙළඳ සංගමය පවසනවා.

මන්නාරම වෙළඳ ප්‍රජාව පැවසුවේ බෝම්බ ප්‍රහාරයන්ගේ ජිවිතක්ෂයට පත්වු සහෝදර ජනතාවගේ ආත්ම ශාන්තිය ප්‍රාර්ථන කරන බවත්,‍ ඒ වෙනුවෙන් වන ශෝකය ප්‍රකාශ කිරීමට තමන් තමන්ගේ වෙළඳසැල් වසා දැමු බවයි.

බෝම්බ ප්‍රහාර වෙනුවෙන් වගකිව යුතු පිරි ස වෙනුවෙන් රජය දැඩි දඩුවම් ලබාදිය යුතු බවත්, රජය දැඩි ප්‍රතිපත්තියක සිට ජනතාව ඝාතනය කරන මෙවැනි ඝාතකයින් එල්ලා මරා දැමිය යුතු බවත් මන්නාරමේ වෙළෙන්දන් පිරිසක් පවසා සිටියා.

බෝම්බ ප්‍රහාරයන්ගෙන් ජිවිතක්ෂයට පත්වූවන්ගේ පවුල් වෙනුවෙන්ද තම ශෝකය ප්‍රකාශ කරන බවද මන්නාරම වෙළඳ ප්‍රජාව පවසා සිටි අතර ‍මන්නාරම වෙළඳ සංගමය පැවසුවේ උදැසන තම සංගමයේ සාමාජිකයින් රැස්වි සාකච්ජා කොට හර්තාලයක් පැවැත්වීමට කටයුතු කළ බවයි.

වෙළඳ සැල් වසා දමා, කළු කොඩි ඔසවා, සිදුකරන හර්තාලය හේතුවෙන් මන්නාරමේ ජන ජිවිතයට බාධා එල්ල වි පැවති බවයි අප වාර්තාකරු සඳහන් කර සිටියේ.

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here