Home Hit පිපිරීම් ගැන සොයන්න විශේෂ ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයක්

පිපිරීම් ගැන සොයන්න විශේෂ ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයක්

513

දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම් පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිතුමා විසින් විශේෂ ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයක් පත් කරනු ලැබ තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, හිටපු අමාත්‍යංශ ලේකම් පද්මසිරි ජයමාන්න සහ හිටපු පොලිස්පති එන්. කේ.ඉලංගකෝන් යන නිලධාරීන්ගෙන් මෙම විශේෂ ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලය සමන්විත වනවා.

ඛේදවාචකයට මුල් වූ කරුණු සහ එහි පසුබිම මෙන්ම අදාළ සිදුවීම් සම්බන්ධයෙන් වූ වෙනත් සාධක පිළිබඳව කරුණු සොයා බලා සති 02ක් ඇතුළත වාර්තා කරන ලෙසයි මෙම පරීක්ෂණ මණ්ඩලයට ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here