Home Hit ”ප්‍රහාර වලට සම්බන්ධ සංවිධානය හඳුනාගනී – ජාත්‍යන්තර සහය ඇති බව තහවුරුයි” –...

”ප්‍රහාර වලට සම්බන්ධ සංවිධානය හඳුනාගනී – ජාත්‍යන්තර සහය ඇති බව තහවුරුයි” – යුද හමුදාපති

946

ශ්‍රී ලංකාවේ තිබෙන බුද්ධි අංශවල සන්නිවේදන සම්බන්ධතාවයක් නොමැති බව යුද හමුදාපති මහේෂ් සේනානායක පවසනවා.

යුද හමුදාපතිවරයා මේ බව පැවසුවේ අද (22) කොළඹ බිෂොප් නිල නිවසේ දීයි.

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවු අවස්ථාවේදි මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව කියා සිටියා.

ඉදිරියේදි සෑම බුද්ධි අංශයක් අතරම මනා සම්බන්ධතාවයක් ඇති කිරීමට පියවර ගත යුතු බවද ඔහු එහිදී ප්‍රකාශ කර සිටියා.

පොලිස් බුද්ධි අංශ මේ සම්බන්ධයෙන් දැනුවත් වී සිට ඇති බව ද හමුදාපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටි අතර මෙම ප්‍රහාර සිදුකළ සංවිධානය මේ වන විට හඳුනාගෙන ඇති බවත් ඔවුන්ට ජාත්‍යන්තර සහයක් ඇති බවද හඳුනා ගෙන ඇති බවත් හමුදාපතිවරයා සඳහන් කර සිටියා.

එමෙන්ම පුපුරණ ද්‍රව්‍ය පරික්ෂා කිරිමේදී ඒ බව තහවුරු වු බවයි ඔහු පවසන්නේ.

යුද හමුදාපතිවරයා කියා සිටියේ, මෙම අපරාධ වැලැක්වීම සඳහා යුද හමුදාවට බලය ලබාදෙන ලෙසට තමන් ඉල්ලිමක් කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here