Home Local ”ප්‍රහාරවල වගකීම ආණ්ඩුව භාරගත යුතුයි” – ජවිපෙ

”ප්‍රහාරවල වගකීම ආණ්ඩුව භාරගත යුතුයි” – ජවිපෙ

400

ඊයේ (21) දින සිදු වූ සිදුවීමේ සමස්ත වගකීම ආණ්ඩුව භාරගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කර සිටිනවා.

මෙම සිදුවීමේ වගකීම එකිනෙකාට පවරා ආණ්ඩුවට නිදහස් විය නොහැකි බවත්, මෙවැනි ප්‍රහාරයක් සිදුවන බවට තොරතුරු ලැබී තිබියදී, ඒ සම්බන්ධයෙන් දේශපාලන අධිකාරිය කටයුතු නොකළා නම්, එය ඉතාමත් බරපතළ කාරණයක් බවද එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් සඳහන් කර සිටිනවා.

මේ නිසා මේ පිළිබඳ වහාම පරීක්ෂණයක් සිදුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවයි අද (22) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here