Home Local පල්ලමදී බැටරි 13ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

පල්ලමදී බැටරි 13ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

404
0

දුරකතන සංඥා කුළුණු වලින් ගලවන ලද බවට සැකකරන බැටරි 13ක් සමග සැකකරුවන් තිදෙනෙකුව පල්ලම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (22) වනදා සවස ආඩිගම – කම්මන්දළුව ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ති බවයි අප වාර්තාකරු සඳහන් කර සිටියේ.

බැටරි තොගය ප්‍රවාහනය කිරීමට සුදානම් කර තිබූ වෑන් රථයක්ද පොලිස් බාරයට ගෙන ඇති අතර අත්අඩංගුවට ගෙන ඇති එක් සැකකරුවෙකු රස්නායකපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බවත් අනෙක් දෙදෙනා පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් සඳහන්.

කම්මන්දළුව ප්‍රදේශයේ බෝක්කුවක් යට ඇති කිසියම් දෙයක් වෑන් රථයකට පටවන බවට පොලීසියට තොරතුරක් ලැබීමෙන් අනතුරුව එම ස්ථානයට ගිය පොලිස් නිලධාරීන් සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන බැටරි තොගය සහ වෑන් රථය තම බාරයට ගෙන තිබෙනවා.

බෝක්කුව යට සගවා තිබූ බැටරි තොගය ගෙනවිත් දෙන ලෙසට කිසියම් අයෙකු ලබා දුන් තොරතුරක් අනුව තමන් එහි පැමිණි බව සැකකරුවන් පවසා ඇති නමුත් එම තොරතුර ලබා දුන්නේ කව්රුන්ද යන්න සැකකරුවන් අනාවරණය කර නැහැ.

මෙම බැටරි තොගය කුමන ප්‍රදේශයක පිහිටි දුරකතන සංඥා කුළුණු වලින් ගලවන ලද ඒවාද යන්න මෙතෙක් තොරතුරු ලැබී නොමැති බව පොලීසිය පවසනවා.

සැකකරුවන් ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනු ලබනවා.

ජුඩ් සමන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here