Home Hit ජනපති සහ මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර හමුවක්

ජනපති සහ මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර හමුවක්

398

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැ දැක තිබෙනවා.

ඒ, කොළඹ අගරදගුරු නිල නිවසේදීයි.

ජනාධිපතිතුමා මෙහිදී පවසා ඇත්තේ, ඉදිරියේදී රට තුළ මෙවන් සිදුවීමකට ඉඩ නොතබා ඒ වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවයි.

පාස්කු ඉරුදින ආගමික වතාවත්වල නිරතව සිටියදී කිතුණු බැතිමතුන්ට මුහුණදීමට සිදුවූ මෙම ඛේදජනක සිදුවීම පිළිබඳ ජනාධිපතිතුමා අගරදගුරු හිමිපාණන්ට බලවත් කනාගාටුව හා සංවේගය පළ කර තිබෙනවා.

අගරදගුරු හිමිපාණන් ඇතුළු සියලු පූජකවරුන් සහ දේවස්ථාන වලට ආරක්ෂාව ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක එම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට ද ආරක්ෂක අංශ වෙත ජනාධිපතිතුමා උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here