Home Local ගුවන් තොටුපොළ ආරක්ෂාව තර කරයි – ගුවන් ගමන් සාමාන්‍ය පරිදි

ගුවන් තොටුපොළ ආරක්ෂාව තර කරයි – ගුවන් ගමන් සාමාන්‍ය පරිදි

418

රට තුළ ඇති වු පිපිරීම් සමඟ දෛනික කටයුතුවලට බාධා ඇති වු කටුනායක ගුවන් තොටුපලේ කටයුතු මේ වන විට සාමාන්‍ය පරිදි සිදුවන බව වාර්තා වනවා.

එමෙන්ම මේ වන විට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ආරක්ෂාව තර කර තිබෙනවා.

ඒ අනුව කිසිදු ගුවන් මගියෙකුගේ වාහනයක් ගුවන් තොටුපල පරිශ්‍රයට ඇතුළු කිරීමට ඉඩක් නොමැති අතර, ගුවන් මගීන් සෝදිසි කිරීමෙන් අනතුරුව ගුවන් තොටුපල වෙත ඇතුළු කර ගන්නා බවයි වාර්තා වන්නේ.

මේ අතර, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එහි යොදවා ඇති අතර ගුවන් මගීන් සඳහා වන නීතිරීතිද දැඩි කර ඇතැයි ගුවන්තොටුපල බලධාරීන් සඳහන් කර සිටිනවා.

ඒ අනුව ගුවන් මගීන් සමඟ වෙනත් කිසිවෙකු කටුනායක ගුවන්තොටුපලට ඇතුළු කර නොගැනීමට තීරණය කර ඇති අතර ගුවන් මගීන් සමඟ පැමිණෙන පුද්ගලයින්ට ප්‍රවේශපත්‍ර අලෙවි නොකිරීමට තීරණය කර ඇතැයි ද සඳහන්.

කටුනායක ගුවන්තොටුපල බලධාරීන් ඉල්ලා සිටින්නේ විදෙස් ගතවීමට නියමිත පුද්ගලයින් අවම වශයෙන් පැය 04කට හෝ පෙර ගුවන්තොටුපල වෙත පැමිණිය යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here