Home Hit කොළඹ ආරක්ෂාවට 1000කට අධික ත්‍රිවිධ හමුදා බට පිරිසක්

කොළඹ ආරක්ෂාවට 1000කට අධික ත්‍රිවිධ හමුදා බට පිරිසක්

462

පුද්ගලයන් 262 දෙනෙකුට මරු කැඳවමින් තවත් 450කට අධික පිරිසකට තුවාල සිදුකරමින් ස්ථාන 08ක සිදුවු පිපිරීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායට අමතරව ත්‍රිවිධ හමුදාව ආරක්ෂක කටයුතු සඳහා යොඳවා ඇති බවයි.

කොළඹ ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා 1000කට අධික යුද හමුදා භට පිරිසක් යොදවා ඇති බව යුධ හමුදාව සඳහන් කර සිටියා.

කටුනායක සහ මත්තල ගුවන්තොටුපළ වල ආරක්ෂාව ගුවන් හමුදාවට පැවරී ඇති අතර විදෙස් ගතවන පුද්ගලයන්ට කිසියම් තොරතුරක් දැනගැනිමට අවශ්‍ය නම් 116 දුරකනථන අංකයෙන් විමසීමක් කරන ලෙසයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න ප්‍රකාශ කළේ.

මීට අමතරව පොලිස් මුලස්ථානයේ, ආරක්ෂක අමාත්‍යාංශයේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇතැයි ද සඳහන්.

ආරක්ෂක අමාත්‍යංශයේ දුරකථන අංක 0112 322 485 ඔස්සේ ප්‍රහාරය පිළිබඳ තොරතුරු විමසීය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here