Home Local ”කොච්චිකඩේ දෙව් මැදුරේ ඉදිකිරීම් අද සිට අරඹනවා” – ඇමති සජිත් ප්‍රේමදාස

”කොච්චිකඩේ දෙව් මැදුරේ ඉදිකිරීම් අද සිට අරඹනවා” – ඇමති සජිත් ප්‍රේමදාස

378

නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස අද (22) දින පිපිරීමේ සිද්ධිය සිදු වූ කොච්චිකඩේ පිහිටි ශන්ත අන්තෝනි දෙව් මැදුර නිරීක්ෂණය කරනු ලැබුවා.

එහිදී අමාත්‍යවරයා මාධ්‍ය වෙත සඳහන් කර සිටියේ, දෙව් මැදුරේ ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට කටයුතු කරන බවයි.

ඒ සඳහා සැලසුම් කිරීම අද (22) සිටම ආරම්භ කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

මේ රටේ ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් වෙනුවෙන් මෙම පූජනීය සිද්ධස්ථානය අංග සම්පූර්ණ ලෙස ප්‍රතිසංස්කරණය කරන බවත් ඒ සඳහා සොයා බැලීමට දේවස්ථනය වෙත පැමිණි බවද ගරු කාදිනල්තුමාගේ උපදෙස් පරිදි මෙම කර්තව්‍ය සිදු කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා එහිදී පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here