Home Hit ඉන්දීය අගමැතිගෙන් ජනපතිට දුරකථන ඇමතුමක්

ඉන්දීය අගමැතිගෙන් ජනපතිට දුරකථන ඇමතුමක්

372

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (22) දහවල් ජනධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ විශේෂ දුරකතන සංවාදයක නිරත වූ අතර ශ්‍රී ලංකාවේ සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍වරයා බලවත් කනගාටුව පළකළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටිනවා.

ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදු වූ මෙම කනගාටුදායක සිදුවීම සම්බන්ධයෙන් පෞද්ගලිකවත්, රජය වෙනුවෙනුත් ජනාධිපතිතුමා වෙත සිය බලවත් කනගාටුව පළ කළ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ත්‍රස්තවාදය මර්දනය සඳහා අවශ්‍ය ඕනෑම සහයක් ඕනෑම මොහොතක ලංකාවට ලබාදීමට සූදානම් බවද පවසා තිබෙනවා.

ඉන්දීය රජයත්, ජනතාවත්, ශ්‍රී ලාංකේය සහෝදර ජනතාව සහ රජය සමඟ අත්වැල් බැඳගන්නා බවද, දෙරටේ සමීප සබඳතාව සහ සුහදතාව වඩා ශක්තිමත්ව ඉදිරියට පවතින බවද කියා සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය පළ කළ නිවේදනයේ සඳහන්.

රංජන් කස්තුරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here